Thursday, September 22, 2011

කැමරාව 1

Digital Camera අද වනවිට හැමතැනම වගේ දක්නට ලැබෙන දෙයකි. ඉස්සර වගේ හුගාක් වියදම් කර ෆිල්ම් රෝල් මිළට ගෙන ඒකෙන් ෆොටෝ ගනිද්දී "මේක හරියට එන්න ඕනැනේ" කියා දුක්විඳගෙන ෆොටෝ ගන්න අවශ්‍ය නැත. digital camera එක මගින් ෆොටෝ  ගත්පසු LCD Screen එකේම එය බලා එම ගත්තු පින්තුරය තෘප්තිමත් නැත්නම් නැවතත් පින්තුර ගත හැකිය. අද වනවිට බොහෝ දුරකතනවලද මෙම ඩිගිටල් camera   තාක්ෂනය පාවිච්චි කරනු ලබයි.           

පරණ ෆිල්ම් රෝල් දාන කැමරාවෙන් ෆොටෝ එකක් ගනිද්දී button එක press කරපු ගමන් flash එක වැදිලා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී අපේ පින්තුරය කැමරාවේ පතිත වෙයි. digital කැමරාවේ ෆිල්ම් රෝල් එක දාන තැන චිප් එකක් ඇත. එම චිප් එකට ආසන්නව ආලෝක කිරණ දැනෙන (Light Sensitive) තිත් වගයක් ඇත. මේවා ඉංග්‍රීසියෙන් Pixel යනුවෙන් හදුන්වයි. මේවායි ආලෝක කිරණ වැදුනොත් ඒවා විදුලි ආරෝපණයක් වශයෙන් මාරු කරයි. මෙම pixel CCD (Charged Couple Device) චර්ගේ වෙන වර්ගයේ උපකරණ වෙයි.

   

මෙයත් photo voltaic cell කියන හිරුඑළිය විදුලිය බවට පත්කරන උපකරණත් වෙන වෙන ඒවා වෙයි. හිරුඑළිය විදුලිය බවට පත්කරන උපකරණවල හිරුඑළිය වැදුනොත් එය එක් විශේෂිත Voltage එකකට මාරුකරයි. ඒ හැම උපකරණයක්ම හිරු එළියේ ප්‍රමාණය මත තමයි අඩු ප්‍රමාණයේ හෝ වැඩි ප්‍රමාණයේ විදුලියක් (Current) ලබා දෙන්නේ. නමුත් හිරුඑළිය වැදෙනවිටම එම විදුලිය පාවිච්චි කළේ නැත්නම් ඒවායින් කිසි ප්‍රයෝජනයක් ලබා ගත නොහැක.

photo voltaic cell



CCD එකේ එළිය වැදුනොත් charge එක වැඩි වෙයි. තව වැඩියෙන් වැදුනොත් තවත් වැඩිවෙයි. ප්‍රමාණය ඉක්මවා ගියහොත් (එම උපකරණයේ Store කරන limit එක) ඉක්මවුවහොත් ඊට වඩා charge වෙන්නේ නැත. මෙය Saturation යනුවෙන් හදුන්වනු ලබයි.  

ලෙන්ස් එක මගින් වැටෙන බිම්බය (රූපය) ෆිල්ම් රෝල් දාන කැමරාවේ වැදෙන විදියටම මෙයිත් වැදෙයිමෙම තිත් (pixel) ළගින් තිබෙන නිසා බිම්බය බොහෝ දුරට ෆිල්ම් එකේ තියෙන විදියටම තියෙයි. 5 mega pixel නම් සාමාන්‍යයෙන් මිලියන 5 තිත් (pixel) යැයි හඳුන්වයි. මෙම පුල්ලි ඉතා කුඩාවට තිබෙන නිසා පින්තුරය ඉතාමත් පැහැදිලිව ලබාගත හැක. 1 mega pixel නැත්නම් 2 mega pixel වල තිත් තිබෙන්නේ අඩුවට නිසා අපිට ලබාගත හැකිවන්නේ නොපැහැදිලි පින්තුරයක්ය




අපි පින්තුරයක් ගත්තු ගමන් කැමරාවේ ඇති චිප් එකේ තිබෙන මෘදුකාංගය (software) අපේ පින්තුරයේ තිබෙන එක එක pixel වල ඇති ආරෝපණය පටිගත (Record) කර තබා ගන්නවා. මෙය තමයි අපිට ලැබෙන පින්තුරය. මෙම පින්තුරය memory stick කියන ස්ථානයේ save කරගනියි.  ඊළගට හැම පික්සල්වලම (pixel) ඇති විදුලි ආරෝපණය බින්දුව කරයි. (මෙය එක ෆොටෝ එකක් ගත පසු ඊළඟ ෆිල්ම් එකක් එනවා වගේ ක්‍රියාවලියකි). video mode එකේදී විනාඩියක් ඇතුළත පින්තුර 25-30 අතර ප්‍රමාණයක් ගෙන ඒවා සියල්ල save කරගනියි (එක පින්තුරයක් අරන් එය save කර ඉන්පසු චිප් එකේ ඇති හැම විදුලි ආරෝපණයක්ම බින්දුවට pathkara ඊළඟ පින්තුරය ගැනීම සඳහා මඟ පාදා දෙයි. මේ විදියට 25 සැරයක්).  

හරි මෙච්ච‍ර වෙලා අපි බැලුවේ කළු සුදු (Black & White) පින්තුරයක් ගන්න විදිය ගැනයි. ඊළග අපි බලමු වර්ණ (color) පින්තුරයක් ගන්න විදිය ගැන.               

No comments:

ඔබේ අදහස එකතු කරන්න..

Related Posts Plugin for WordPress, Blogger...