අපේ ඇස්වලට පෙනෙන වර්ණ සියල්ල රතු, කොළ, නිල් යන තුන් වර්ගය වෙන වෙන
ප්‍රමාණයන්ගෙන් මිශ්‍රකර නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙය ඉංග්‍රීසියෙන් RGB
(Red, Green, Blue) යැයි හඳුන්වයි. කැමරාවෙන් ෆොටෝ එකක් ගනිද්දී එක් එක්
පික්සල්වල මෙච්චර රතු මෙච්චර කොළ මෙච්චර නිල් යන සියලු විස්තර ටික ගබඩා
(Save) විය යුතුයි. එය කරන්නේ කෙසේද?
මෙම පික්සල් තියෙන චිප් එකේ හැම pixel එකක් උඩම රතු නැත්නම් කොළ නැත්නම්
නිල් වර්ණ කණ්ණාඩි (පික්සල්වල ප්‍රමාණයට) තිබෙයි. එක් රතු කණ්ණාඩියකට එක්
නිල් කණ්ණාඩියකුත් කොළ පැහැති කණ්ණාඩි දෙකකුත් තිබෙයි. මෙයට අදාල පින්තුරය
පහළ ඇත.

