Friday, September 23, 2011

කැමරාව 2

අපේ ඇස්වලට පෙනෙන වර්ණ සියල්ල රතු, කොළ, නිල් යන තුන් වර්ගය වෙන වෙන ප්‍රමාණයන්ගෙන් මිශ්‍රකර  නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙය ඉංග්‍රීසියෙන් RGB (Red, Green, Blue) යැයි හඳුන්වයි. කැමරාවෙන් ෆොටෝ එකක් ගනිද්දී එක් එක් පික්සල්වල මෙච්චර රතු මෙච්චර කොළ මෙච්චර නිල් යන සියලු විස්තර ටික ගබඩා (Save) විය යුතුයි. එය කරන්නේ කෙසේද?

මෙම පික්සල් තියෙන චිප් එකේ හැම pixel එකක් උඩම රතු නැත්නම් කොළ නැත්නම් නිල් වර්ණ කණ්ණාඩි (පික්සල්වල ප්‍රමාණයට) තිබෙයි. එක් රතු කණ්ණාඩියකට එක් නිල් කණ්ණාඩියකුත් කොළ පැහැති කණ්ණාඩි දෙකකුත් තිබෙයි. මෙයට අදාල පින්තුරය පහළ ඇත.



මේ නිසා එක් pixel එකක් යනු ඇත්තටම pixel 4ක් වශයෙන් හඳුනාගනු ලබයි. මේ හැමදෙයක්ම එක් වුනොත් තමයි එම pixel වල ඇති නියම පින්තුරය අපිට දැකගන්නට ලැබෙන්නේ.

Hubble Telescope

Hubble Telescope වගේ අභ්‍යවකාශයේ තිබෙන උපකරණ පවා ඩිජිටල් කැමරා වර්ගයට අයත් ඒවාය (නැත්නම් කොහොමද පෘථිවියට පින්තුර එන්නේ? හැමදාම අභ්‍යවකාශයේ සිට ෆිල්ම් රෝල් එක අරගෙන එන්න පුළුවන්ද?). ඉස්සර ඒවා මිළ අධික නිසා සාමාන්‍ය මිනිසුන්ට ඒවා මිළදී ගන්න බැරිවුණා. නමුත් වර්තමානයේ Silicon Chip නිෂ්පාදනයේ සිදුවෙමින් පවතින විපර්යාසය නිසා CCD පවා අඩු මිළට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියනවා. ඒ නිසා එමොටම මිළදී ගන්න පුළුවන් තත්වයට අද Digital Camera පත් වී ඇත.       

No comments:

ඔබේ අදහස එකතු කරන්න..

Related Posts Plugin for WordPress, Blogger...